ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ මූලික සෞඛ්‍ය අයිතිවාසිකම් අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
2024-04-10 11:09:19
Share with:

පලස්තීන ගාසා තීරයේ සිවිල් වැසියන්ට මූලික සෞඛ්‍ය අයිතිවාසිකම් අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය පසුගිය 8 වැනිදා නිකුත් කළ එම වාර්තාවට අනුව, ගාසා තීරයේ විශාලතම සහ ප්‍රධානම රෝහල වූ Al-Shifa රෝහලට දැඩි ලෙස හානි සිදු වී ඇති අතර, සම්පූර්ණයෙන්ම එහි කටයුතු අක්‍රිය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ජගත් සංවිධානයේ සමීක්ෂණයක ප්‍රතිඵල මත පදනම්ව ප්‍රකාශ කර ඇත. පසුගිය මාර්තු 18 සිට අප්‍රේල් 1 දක්වා ඊශ්‍රායල හමුදාව Al-Shifa රෝහල වැටලීමෙන් පසු රෝහලට සිදු කළ හානිය තක්සේරු කිරීම සඳහා එම සමීක්ෂණය සිදු කෙරිණ.

එමෙන්ම සමස්ත උතුරු ගාසා තීරයේ කිසිදු රෝහලක රෝගීන්ට CT ස්කෑන් පරීක්‍ෂණයන් සිදු කළ නොහැකි බවත්, ඔක්සිජන් ලබා දීමට එක් රෝහලක් පමණක් ඉතිරිව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම