චීන ජනපති ෂී ජින්පිං මහතා සහ චීන තැයිවාන ප්‍රදේශයේ කුඕමින්ටාං පක්ෂයේ හිටපු සභාපති Ma Ying-jeou මහතා ප්‍රමුඛ පිරිස අතර හමුවක්
2024-04-10 16:51:28
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා චීන තැයිවාන ප්‍රදේශයේ කුඕමින්ටාං පක්ෂයේ හිටපු සභාපති Ma Ying-jeou මහතා ප්‍රමුඛ පිරිස හමු‍ වෙයි. හමුව අද(10) හවස බෙයිජිං හිදී සිදුවිය.

චීන මහ ගොඩබිමේ හා තායිවාන ප්‍රදේශයේ සමුද්‍ර සන්ධි දෙපස ස්වදේශිකයන් සතු වන්නේ පොදු මුලයක්, පොදු සංස්කෘතියක් හා පොදු ඉතිහාසයක් බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. එපමණක් නොව, චීන ජාතිය වෙනුවෙන් ඒකායන වගකීම දරන දෙපාර්ශ්වය අනාගතය උදෙසා පොදු අභිලාෂයෙන් යුතුය. චීන ජාතියේ ප්‍රතිලාභ හා දිගු සංවර්ධනය මත පදනම්ව චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සම්බන්ධතාව විග්‍රහ කළ යුතු ය. චීන ජාතියේ නිජබිම, සුබසෙත, දැක්ම හා දැවැන්ත පුනර්ජීවනය කෙරෙහි ඒකායන අවධානය යොමුවිය යුතු බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

එසේ ම, පසුගිය 3වැනි දා, තායිවාන ප්‍රදේශයේ Hualian කෝරළය ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ හටගත් රිච්ටර් පරිමාණ 7.3ක භූමිකම්පාවෙන් මියගිය ස්වදේශිකයන් වෙත ශෝක පළ කළ චීන ජනාධිපතිවරයා ඉන් පීඩාවන්ට ලක්වූ ජනතාව සම්බන්ධයෙන් කණගාටුවන බව ද සඳහන් කළේය.

‘1992 වසරේ එකඟතාව’අනුගමනය කරමින් ‘තායිවාන ස්වාධීනත්වය’ට විරුද්ධ වීම චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අතර සබඳතාව සාමකාමී ව වර්ධනය කිරීම සඳහා වන පොදු දේශපාලනික පදනම බව Ma Ying-jeou මහතා එහිදී පැවසීය. චීන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස චීන ජාතියටම අයත් ය. සහයෝගිතා හා සහජීවනය තහවුරු කරමින් චීන සංස්කෘතිය උරුම කර චීන ජාතියේ පුනර්ජීවනය උදෙසා පොදු ප්‍රයත්න යටතේ කැපවිය යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240429සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම