ඇමරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂිකයන් විශාල පිරිසක් ඊශ්‍රායලයට ආයුධ සැපයීම නතර කරන ලෙස ඉල්ලමින් ලිපියකට අත්සන් කරයි
2024-04-10 11:01:02
Share with:

ඊශ්‍රායලයට ආයුධ සැපයීම නතර කරන ලෙස ඉල්ලා සිටිමින් ඇමරිකා ජනාධිපති Joe Biden සහ රාජ්‍ය ලේකම් Antony Blinken වෙත යොමු කෙරුණු විවෘත ලිපියකට එක් දිනක් ඇතුළත තවත් ඩිමොක්‍රටික් පාක්ෂිකයින් 16 දෙනෙකුගේ අත්සන් ලබා ගත් බව අප්‍රේල් 8 වැනිදා ඇමරිකාවේ කොංග්‍රස් සභික Mark Pocan මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර ඇත. මේ වනවිට කොංග්‍රස් සභිකයන් 56 දෙනෙකු එම ලිපියට අත්සන් කර ඇති බවත් ඊශ්‍රායල සහ පලස්තීනුවන්ට සාමය උදා කළ යුතු බවත් Pocan මහතා පැවසීය.

මෙම මස 5 වැනිදා, ඇමරිකාවේ ඩිමොක්‍රටික් කොංග්‍රස් සභිකයෝ 30 කට වැඩි පිරිසක් ජනාධිපති Joe Biden සහ රාජ්‍ය ලේකම් Antony Blinken වෙත ලිපියක් යවමින්, ඊශ්‍රායලයට ආයුධ සැපයීම නතර කරන ලෙස ඉල්ලා සිටියහ. මධ්‍යම ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුණ්‍යායතන සංවිධානයේ නිලධාරීන් මියයාම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ද එම ලිපියෙන් ඉල්ලීම් කර ඇති බව සඳහන්  ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම