චීනයේ ආයෝජනය අනාගතය සඳහා ආයෝජනයක්
2024-04-10 17:03:30
Share with:

චීනයේ ආයෝජනය කිරීම අනාගතය සඳහා වන ආයෝජනයක් බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.

ලොව ප්‍රසිද්ධ කළමනාකරණ හා උපදේශන සමාගමක් වන A.T.Kearney 2024 ගෝලීය විදේශ සෘජු ආයෝජන විශ්වාසනීය දර්ශක වාර්තාව නිකුත් කළේය. එහි චීනයේ ශ්‍රේණිගත කිරීම පසුගිය වසරේ හත්වන ස්ථානයේ සිට තුන්වන ස්ථානය දක්වා ඉහළ නංවා ඇත.

ඒ සම්බන්ධයෙන් Mao Ning මහත්මිය පැවසුවේ, චීනය මෑත වසරවල විදේශ ආයෝජන නීති ක්‍රියාත්මක කරමින් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂාව ශක්තිමත් කර ඇති බවයි. විවිධ ක්ෂේත්‍රවල ආයතනික රෙගුලාසි වැඩිදියුණු කර ඇති අතර ආයෝජන පරිසරය වඩාත් ස්ථාවර, විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි බවට පත්ව ඇතැයි ද ඇය කියා සිටි‍යාය.

සිය ව්‍යාපාරික පරිසරය අඛණ්ඩව ප්‍රශස්ත කොට ජයග්‍රාහී සහයෝගිතාව සඳහා පුළුල් අවකාශයක් නිර්මාණය කරමින් තම වෙළඳපොළ හා සංවර්ධනයේ ලාභාංශ ලෝකය සමඟ බෙදා ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද Mao Ning මහත්මිය එහිදී සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම