“තායිවාන බෙදුම්වාදීන්ට” කිසිදු වැරදි සංඥාවක් නිකුත් නොකරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.
2024-04-10 11:09:47
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. තායිවාන ප්‍රශ්නය චීනයේ අභ්‍යන්තර කටයුත්තකි. කිසිදු බාහිර බලවේගයකට එයට මැදිහත්වීමට ඉඩ ලබා නොදෙන බවද ඇය පැවසුවාය. 

එකම චීනය පිළිබඳ මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන ඇමරිකාව ස්ථිර ලෙස අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදීන්ට අනුබල නොදීමේ සිය ප්‍රතිඥා ඉටු කරන ලෙසත් ඔවුන්ට කිසිදු වැරදි සංඥාවක් නිකුත් නොකරන ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. 

තායිවාන ප්‍රදේශයේ ක්‍රියා කරන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතශීලි පක්ෂය "තායිවාන ස්වාධීනත්ව" ස්ථාවරයට අයුතු ලෙස අනුගත වීමෙන් එම ප්‍රදේශය අනතුරුදායක මට්ටමකට වැටෙන‍ අතර ඉන් එහි පුරවැසියන්ට ද දරුණු හානි එල්ල වනු ඇති බව Zhu Fenglian මහත්මිය සඳහන් කර ඇත. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම