Zaporizhzhia න්‍යෂ්ටික බලාගාරයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක්
2024-04-10 10:51:56
Share with:

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය Zaporizhzhia  න්‍යෂ්ටික බලාගාරය මෑතකදී ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් කැඳවයි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් හෙට (11) වියානා හි පිහිටි සිය මූලස්ථානයේදී හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පවත්වනු ඇතැයි ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ඊයේ (9) ප්‍රකාශ කළේ ය. එම හදිසි රැස්වීම පවත්වන්නේ පිළිවෙළින් රුසියාව හා යුක්රේනය ලිපි මගින් සිය ඒජන්සියෙන් කළ ඉල්ලීම් මත බව ද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කර තිබේ. පසුගිය 7වැනි දා Zaporizhzhia  න්‍යෂ්ටික බලාගාරයට  ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වීමෙන් එහි 6වන විදුලි උත්පාදක ඒකකයට හානි සිදු විය. එම ප්‍රහාරය පිටුපස කවුරුන් සිටියත් එය ගින්දර සමග සෙල්ලම් කිරීමක් බඳු ක්‍රියාවක් බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එවැනි අවදානම් සහගත හා වගකීම් විරහිත ක්‍රියාවන් වහාම නතර කළ යුතු බව ඔහු පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම