සහනාධාර භාණ්ඩ ගාසා තීරයට සැපයීම ඊශ්‍රායලය අවහිර කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
2024-04-10 09:58:30
Share with:

එක්සත් ජාතීන්ගේ සහනාධාර භාණ්ඩ ගාසා තීරයට ඇතුළු වීම ඊශ්‍රායලය තවමත් අවහිර කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ කාර්යාලය ඊයේ(9) ප්‍රකාශ කළේය.

පසුගිය මාසයේ උතුරු ගාසා තීරයට ආධාර යැවීමට සිදු කළ ඉල්ලීම්වලින් අඩක්ම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, අවසානයේ ගාසා තීරයට පැමිණි සැපයුම් එහි අවශ්‍යතාවලට බොහෝ දුරට ප්‍රමාණවත් නොවූ බව ද එම කාර්යාලය සඳහන් කළේ ය. 

මානුෂීය සහනාධාර සැපයීමට ඊශ්‍රායලය අඛණ්ඩව බාධා කිරීම හේතුවෙන්,  ප්‍රමාණවත් ආහාර සහ ඖෂධ යන සැපයුම් ගාසා තීරයට යැවීම සහතික කළ නොහැකි බවට, වෙනත් ආධාර කණ්ඩායම් ද චෝදනා කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම