අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබයි
2024-04-10 14:59:29
Share with:

අභියාචනා සහ විරෝධතා සලකා බැලීමෙන් පසු අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා තවත් පවුල් 182,140ක් සුදුසුකම් ලබා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඔවුන්ට අදාළ හිඟ මුදල් ඇතුළු සියලු ගෙවීම් අප්‍රේල් මස 18 වැනි දා වන විට ගිණුම් ගත කිරීමට කටයුතු කරන බවය.

ඒ අනුව දැනට 1,854,000ක් අස්වැසුම ප්‍රතිලාභ ලබාගන්නා අතර රුපියල් බිලියන 58.5ක මුදලක් ඒ වෙනුවෙන් රජය වැය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

මේ අතර අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කළ පවුල් 200,000ක් පමණ මෙතෙක් සිය බැංකු ගිණුම් ආරම්භ කර ඊට අදාළ තොරතුරු යාවත්කාලීන කිරීමට අපොහොසත් වී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් සහ ජනමාධ්‍ය මඟින් දැනුවත් කිරීම සිදුකළ ද මෙතෙක් එම පවුල්වල සාමාජිකයන්ගෙන් ප්‍රතිචාර නොමැති බවද හෙතම කීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම