ජාත්‍යන්තර යුක්තිය ආරක්ෂා කිරීම සඳහා සිය නිෂේධ බලය භාවිත කළ චීනයට පුළුල් සහායක් හිමි වෙයි
2024-04-09 10:21:47
Share with:

මාර්තු 22 වැනිදා, චීනය, ඇල්ජීරියාව සහ රුසියාව සමග එක්ව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ගාසා තීරයේ තත්ත්වය පිළිබඳ ඇමරිකාවේ යෝජනාවකට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණ. එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ ඊයේ(08) පැවති නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳ රැස්වීමේදී එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත කණ්ඩා‍යමේ වැඩබලන ප්‍රධානී Dai Bing මහතා චීනයේ ස්ථාවරය විග්‍රහ කළේය.

ඇමරිකාවේ යෝජනාව සටන් විරාම ගැටළුව සම්බන්ධයෙන් අපැහැදිලි වන බව Dai Bing මහතා පැවසීය. සටන් විරාමය සඳහා පූර්ව කොන්දේසි පණවමින් සිය වැරදි ප්‍රතිපත්තිය සඳහා සහතිකයක් ලබාගැනීමට ආරක්ෂක මණ්ඩලයට බල කිරීම ඇමරිකාවේ සැබෑ අරමුණ බව  ඔහු කියා සිටියේය. මෙම යෝජනාව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් අතර පවතින එකඟතාවයෙන් බැහැර වීමක් වන අතර ජාත්‍යන්තර ප්‍රජාවේ අපේක්ෂාවන්ටත් එය පටහැනිය. යෝජනාව සම්මත වුවහොත් ගාසා තීරයේ ඝාතනයන් අඛණ්ඩව පවතිනු ඇත. බරපතළ ප්‍රතිවිපාක ගෙන දෙන එවැනි යෝජනාවකට එරෙහිව සිය නිෂේධ බලය ක්‍රියාත්මක කිරීමට චීනය පසුබට වී නැත. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස චීනය සිය වගකීම් නිර්භීතව ඉටුකර ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් සහයෝගය ද දිනා ගෙන ඇතැයි හෙතෙම සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම