යුදමය ආරක්ෂාව සඳහා සුළුතර රටවල් එකතු කිරීම පිළිබඳ ජපානයේ ක්‍රියාවන්ට චීනයෙන් විරෝධය
2024-04-09 17:22:50
Share with:

යුදමය ආරක්ෂාව සඳහා ජපානය සුළුතර රටවල් එකතු කිරීම අත්හැරිය යුතු බව චීනය පවසයි.

අද(09) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ‘ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව යන තුන්පාර්ශ්වික හවුල්කාරීත්වය’ට තවත් රටවල් කැඳවීම පිළිබඳ නැගුණු පැනයට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව සඳහන් කළාය.

කඳවුරු ගැටුම්වලට චීනය සහාය නොදක්වන බව Mao Ning මහත්මිය එහිදී පැවසුවාය. අදාළ රටවල් ජාත්‍යන්තර වශයෙන් සිය වගකීම් හා යුතුකම් සැබෑ ලෙස දරමින් කලාපීය හා ලෝකයේ සාමය හා ස්ථාවරත්වය කඩා කප්පල් නොකළ යුතු ය. නූතන කාලයේ ජපාන ආක්‍රමණික ඉතිහාසය හේතුවෙන්, එරට යුදමය ආරක්ෂාව සඳහා වන ක්‍රියාකාරීත්වය අසල්වැසි රටවල හා ජගත් ප්‍රජාවේ ඉහළ අවධානයට යොමු වී ඇත. ජපානය සිය ආක්‍රමණික ඉතිහාසය ආවර්ජනය කරමින් සාමකාමී මාර්ගයේ සැබෑ අයුරින් රැඳී සිටිය යුතු බවද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව කියා සිටියාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම