චීන ජනාධිපතිවරයා හා රුසියානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
2024-04-09 16:21:26
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (9) බෙයිජිං හිදී රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov මහතා හමුවිය.

රුසියානු ජනතාවට ඔවුන්ගේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක ගමන් කිරීමට චීනය සහාය වන අතරම, ත්‍රස්තවාදය මර්දනය කිරීමට සහ සමාජ ආරක්ෂාව හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට රුසියාවට සහාය දෙන බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. චීනය සැමවිටම චීන-රුසියානු සබඳතා වර්ධනයට විශාල වැදගත්කමක් ලබා දෙන අතර රුසියාව සමඟ ද්විපාර්ශ්වික සන්නිවේදනය තීව්‍ර කිරීමට, BRICS, ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ අනෙකුත් රටවල බහුපාර්ශ්වික උපායමාර්ගික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට සහ පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට ඵලදායි ලෙස නායකත්වය දීමට කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.

රුසියා විදේශ ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාව චීනය සමඟ සබඳතා පුළුල් ලෙස තහවුරු කර ගැනීම සහ වැඩිදියුණු කිරීම බව Sergey Lavrov මහතා පැවසීය. ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා යළි ජනාධිපතිධුරයට පත්වීමෙන් රුසියානු-චීන සබඳතාවල අඛණ්ඩ පැවැත්ම සහතික කර තිබේ.  රාජ්‍ය නායක දෙපළ ඇති කළ වැදගත් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමටත්, ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, වඩාත් සාධාරණ ජාත්‍යන්තර පිළිවෙළක් ගොඩනැගීම වෙනුවෙන් චීනය සමඟ එක්ව සෙසු “ගෝලීය දකුණේ” රටවල් සමඟ කටයුතු කිරීමටත් රුසියාව කැමැත්තෙන් සිටින බව Sergey Lavrov මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම