ලෝක ආර්ථික වර්ධනයට චීනය අඛණ්‍ඩව ප්‍රබල ශක්තියක් වනු ඇති බවට ප්‍රකාශයක්
2024-04-09 17:04:13
Share with:

ලෝක ආර්ථික වර්ධනයට චීනය අඛණ්ඩව ශක්තිමත් දායකත්වයක් ලබා දෙනු ඇති බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (9) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

මෑතකදී, Peterson ජාත්‍යන්තර ආර්ථික විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු විදේශ කටයුතු පිළිබඳ වෙබ් අඩවියේ “චීනය තවමත් නැගී යමින් පවතින අතර ලෝකයේ දෙවන දැවැන්තම ආර්ථික ඒකකය අවතක්සේරු නොකළ යුතුය” යන මැයෙන් ලිපියක් පළ කළේය. මේ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක්දැයි නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙක් විමසා සිටියේය.

ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර චීන ආර්ථික වර්ධන වේගය ඉදිරියෙන් ඇතැයි යන්න සියලුම පාර්ශ්වවල පොදු පිළිගැනීම බව Mao Ning මහත්මිය පැවසුවාය. ලෝකයේ දෙවන දැවැන්තම ආර්ථිකය ලෙස චීන ආර්ථිකයට ශක්තිමත් පදනමක්, ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාවක් සහ විශාල සංවර්ධන විභවයක් ඇති බව ඇය පැවසුවාය.

ඇතැම් පිරිස් කෙතරම් අශුභවාදීව දුටුවද, චීන ආර්ථිකයේ මූලික දිගුකාලීන ප්‍රවණතාව වෙනස් නොවන බවත්, එහි මහා පරිමාණ වෙලඳපොල සහ සම්පූර්ණ කාර්මික පද්ධතිවල කැපී පෙනෙන වාසි වෙනස් නොවන බවත් Mao Ning මහත්මිය පැවසුවාය. චීනය ස්වකීය ස්ථාවර සංවර්ධනයක් සමඟ ගෝලීය සංවර්ධනය සඳහා වැඩි අවස්ථා ගෙන ඒමට අඛණ්ඩව කටයුතු කරන බව ද ඇය පැවසුවාය.‍

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම