චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකයේ ප්‍රකාශකගෙන් ප්‍රකාශයක්
2024-04-09 10:21:16
Share with:

අප්‍රේල් මස 7 වනදා සිට 8 වනදා දක්වා චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකය නාවික හා ගුවන් බලඇණි දකුණු චීන මුහුදු ප්‍රදේශයට යොමු කළ බව සේනාංකයේ ප්‍රකාශක Tian Junli මහතා සඳහන් කළේය. එහිදී යුද ගුවන් නිරීක්ෂණ චාරිකා, නාවික හා ගුවන් ඒකාබද්ධ ප්‍රහාර, යුද කටයුතු සඳහා නැව් කණ්ඩායම සූදානම් කිරීමේ චාරිකා යන අභ්‍යාස සහ පුහුණු ක්‍රියාකාරකම් පවත්වා ඇත. 

චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු යුද සේනාංකය යුද අභ්‍යාසය අඛණ්ඩව තහවුරු කරමින් සෑමවිටම ඉතා සීරුවෙන් සිටින අතර ජාතික ස්වාධිපත්‍ය සහ සුරක්ෂිතතාව මෙන්ම දකුණු චීන මුහුදේ සාමය සහ ස්ථාවරත්වය ස්ථිර ලෙස ආරක්ෂා කරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම