උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන වසා දැමීමේ තීරණයක්
2024-04-09 16:08:28
Share with:

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්‍යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පවසයි.

මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ සුබසාධන මධ්‍යස්ථාන තුනක් ක්‍රියාත්මකව පවතින අතර එහි රැඳී සිටින පවුල් සංඛ්‍යාව 10ක් බව එම අමාත්‍යංශය පැවසුවේය.

උතුරු හා නැගෙනහිර පැවති ගැටුම්කාරී වාතාවරණය හමුවේ අවතැන්ව සිටි පවුල්වලින් මේ වනවිට සුබසාධන මධ්‍යස්ථානවලට ඇතුළත් නොවී නැවත පදිංචිය බලාපොරොත්තුවෙන් නෑදෑ හිත මිතුරන්ගේ නිවාසවල පවුල් 1,502ක් රැඳී සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පැවසුවේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම