චීන හා මයික්‍රොනීසියානු ජනාධිපතිවරුන් අතර හමුවක්
2024-04-09 19:32:38
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මයික්‍රොනීසියානු ජනාධිපති Wesley W. Simina මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි.

එම සාකච්ඡාව අද(9) පස්වරුවේ බෙයිජිං හි මහජන මහ ශාලාවේදී පැවැත්විණ.

ෂී ජින් පිං මහතාගේ ඇරයුමකට අනුව, Wesley W. Simina මහතා පසුගිය 5වැනිදා සිට එළඹෙන 12වැනිදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත ව සිටී. හෙතෙම ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සිදුකරන පළමු චීන සංචාරය මෙයයි. දෙරටේ නායකයෝ ද්විපාර්ශ්වික සබඳතා සංවර්ධනය සහ පොදුවේ සැලකිල්ලට ලක්වන කරුණු සම්බන්ධයෙන් ගැඹුරින් අදහස් හා යෝජනා හුවමාරු කර ගත්හ.

මයික්‍රොනීසියාව සමඟ එක්ව විවිධ මට්ටමේ හුවමාරු හා සංවාද පවත්වා  විවිධ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය යහපත හා සහයෝගිතා ශක්තිමත් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. දෙපාර්ශ්වයම “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම පිළිබඳ සහයෝගිතා කඩිනම් කළ යුතු බවත් සංස්කෘතික, සෞඛ්‍ය, අධ්‍යාපන හා කලාපීය යනාදී ක්ෂේත්‍රවල මානව හුවමාරු තහවුරු ‍කළ යුතු බවත් ඔහු පවසා ඇත. දකුණු-දකුණු සහයෝගිතා රාමුව යට‍තේ දේශගුණ විපර්යාසයට මුහුණ දීම සඳහා මයික්‍රොනීසියාවට ආධාර කිරීමට චීනය කැමති බව ද චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.

මයික්‍රොනීසියාව එකම චීනය යන මූලධර්මයට දැඩිව අනුගත වන අතර තායිවානය, හොංකොං, ෂින්ජියැන්ග් සහ ටිබෙටය යනාදී මූලික කරුණු පිළිබඳ චීනයේ ස්ථාවරයට ස්ථිරව සහාය දක්වන බව Wesley W. Simina මහතා එහිදී පැවසීය. මයික්‍රොනීසියාව ඇතුළු පැසිෆික් දූපත් රටවල ආර්ථික හා සාමාජීය සංවර්ධනය සඳහා දීර්ඝ කාලීන හා වටිනා ආධාර සපයා දුන් චීනයට ස්තූතිය පළ කරන බව හෙතෙම කියා සිටියේය. “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ යටතේ චීනය සමඟ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ආර්ථික හා වෙළඳාම, ආයෝජන, සංචාරය හා ඩිජිටල් ආර්ථිකය යනාදී ක්ෂේත්‍රවල සහයෝගිතා ගැඹුරු කිරීමට තම රට බලා‍පොරොත්තු වන බව ද මයික්‍රොනීසියානු ජනාධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම