පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සාමාජික රටක් බවට පත් වීම පිළිබඳ සාකච්ඡා ඇරඹේ
2024-04-09 09:06:55
Share with:

පලස්තීනය එක්සත් ජාතීන‍්ගේ සංවිධානයේ නිල සාමාජික රටක් බවට පත්වීමේ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය එහි නව සාමාජික රටවල් පිළිගැනීමේ කමිටුව වෙත ඊයේ(8) ඉදිරිපත් කළේය. ඒ අනුව එදිනම ප්‍රථම අභ්‍යන්තර සාකච්ඡාව පවත්වා ඇත.

මේ වනවිට පලස්තීනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂක රටක් වන අතර නිල සාමාජික රටක් බවට පත්වීම වෙනුවෙන් ආරක්ෂක මණ්ඩලය හා එක්සත් ජාතී‍න්ගේ මහ සම්මේලනයේ අනුමැතිය අවශ්‍ය වේ. 2011 වසරේ පලස්තීන ජනාධිපති Mahmoud Abbas මහතා එරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සාමාජික රටක් බවට පත්වීමට ඉල්ලීමක් ඉදිරිපත් කළේය. නමුත් ඇමරිකාව ප්‍රකාශ කළේ පලස්තීනය හා ඊශ්‍රායලය ගිවිසුමකට එකඟ විය යුතු බවයි. එවැනි එකඟවීමකින් තොරව ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ අයිතිය භාවිත කිරීම කෙරෙහි ඇමරිකාව තර්ජනය කර තිබීම හේතුවෙන් පලස්තීනය එම ඉල්ලීම අත්හිටුවා ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම