චීන ජනාධිපතිවරයා ගෙන් Falcon කමාන්ඩෝ ඒකකයේ සියලුම සාමාජිකයින් වෙත පිළිතුරු ලිපියක්
2024-04-09 18:33:11
Share with:

චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, චීන ජනාධිපති සහ චීන මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතා මෑතකදී Falcon කමාන්ඩෝ ඒකකයේ සියලුම සාමාජිකයින් සුහදව දිරිමත් කරමින් පිළිතුරු ලිපියක් යොමු කළේය.

විශේෂ මෙහෙයුම් බලකායන් විශේෂ දූත මෙහෙවරට උරදෙන බවත්, විශේෂයෙන් දේශපාලනික සහ යුදමය වශයෙන් ශක්තිමත් විය යුතු බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. සියලු සාමාජිකයින් ඔවුන්ගේ කැපවීම් අඛණ්ඩව  පවත්වා ගෙන යාමටත්, සැබෑ සටන් සඳහා ඉලක්කගත පුහුණුව ශක්තිමත් කිරීමටත්, ලෝක මට්ටමේ ත්‍රස්ත විරෝධී විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ලෙසට ගොඩනැංවීමටත් උත්සාහ දරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

Falcon කමාන්ඩෝ ඒකකය යනු චීනයේ ජාතික ත්‍රස්ත විරෝධී බලකායකි. 2014 වසරේ අප්‍රේල් මාසයේදී ෂී ජින් පිං මහතා මෙම ඒකකයට ධජය පිරිනමමින් වැදගත් උපදෙස් ලබා දුන්නේය. මෑතකදී, Falcon කමාන්ඩෝ ඒකකයේ සියලුම සාමාජිකයින් ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමුකර, ඒකකයේ ගොඩනැංවීම් සහ මෙහෙවර ඉටු කිරීම පිළිබඳව වාර්තා කරමින්, ඔවුන්ගේ මෙහෙවර අධිෂ්ඨානශීලීව ඉටු කිරීමට ඇති විශ්වාසය සහ අධිෂ්ඨානය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම