චීන කොමියුනිස්ට් පක්ෂයේ හා බ්‍රසීලයේ කම්කරු පක්ෂයේ 7වැනි සිද්ධාන්ත සංසදයට දෙරට ජනපතිවරුන් ගෙන් සුබ පැතුම්
2024-04-09 18:53:49
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂය හා බ්‍රසීල කම්කරු පක්ෂය අතර 7වැනි සිද්ධාන්ත සංසදයට දෙරට ජනාධිපතිවරු සුබ පැතුම් පිරිනමති. අද(09) බෙයිජිං හිදී පැවති එම සංසදයට චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා හා බ්‍රසීල කම්කරු පක්ෂයේ ගරු සභාපති, ජනාධිපති Luiz Inácio Lula da Silva මහතා පණිවුඩ යොමු කළහ.     

‘පාලක පක්ෂ ගොඩනැංවීම තහවුරු කරමින් නවීකරණය ගවේෂණය කිරීම’ යන මැයෙන් යුත් තේමා යටතේ මෙම සංසදය පැවැත්වීම, පාලක පක්ෂ ශක්‍යතා තහවුරු කිරීමටත් තම රටට ගැලපෙන නවීකරණ මාර්ගය හඳුන්නා ගැනීමටත් ඉතා වැදගත් බව ෂී ජින්පිං මහතා සිය පණිවුඩයේ පෙන්වා දෙයි. මෙම වසරට චීනය හා බ්‍රසීලය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50වැනි සංවත්සරය යෙදී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂය හා බ්‍රසීලයේ කම්කරු පක්ෂය සම්බන්ධතා පිහිටුවීමේ 40වැනි සංවත්සරය ද මෙම වස‍රට යෙදී ඇත. කම්කරු පක්ෂය සමග එක්ව, රාජ්‍ය පාලන අත්දැකීම් හුවමාරු තහවුරු කරමින් නවයුගයේ චීන-බ්‍රසීල සබඳතාව තවදුරටත් සහතික කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය සූදානම් බව ෂී ජින්පිං මහතා පණිවුඩය මගින් සඳහන් කළේය.

Luiz Inácio Lula da Silva මහතා සිය පණිවුඩයේ කියා සිටි‍යේ පසුගිය වසරේ තමා ෂී ජින්පිං මහතා සමග එක්ව දෙරට පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් පුළුල් කර ඇති බවයි. කම්කරු පක්ෂයේ උසස් පෙළේ කණ්ඩායමක් චීනයේ නිල සංචාරයක නිරත වන අතරතුර මෙම සංසදයට එක්වූයේ චීන කොමියුනිස්ට් පක්ෂය සමග රාජ්‍ය පාලන අත්දැකීම් පිළිබඳව අදහස් හුවමාරු කර ගනිමින් පොදු අවධානයට ලක්වන තේමා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ය. දෙපාර්ශ්වයට පොදු සැලකිල්ලට ලක්වන කරුණු හා සහයෝගිතා අවස්ථා රැසක් සොයා ගත හැකි වනු ඇති බවට ද Luiz Inácio Lula da Silva මහතා සිය පණිවුඩය මගින් විශ්වාස පළ කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම