චීන හා රුසියා විදේශ ඇමතිවරු ඒකාබද්ධ මාධ්‍ය හමුවක
2024-04-09 17:11:37
Share with:

වත්මන් ජාත්‍යන්තර හා කලාපීය උග්‍ර ගැටළු විසඳීම සඳහා චීනයේ මූලික විසඳුම් චීන විදේශ ඇමති වං යී මහතා පැහැදිලි කරයි.

හෙතෙම මේ බව පැවසුවේ, අද(9) ‍බෙයිජිංහිදී රුසියානු විදේශ ඇමති Sergey Lavrov මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවේදීය.

උග්‍ර ගැටළු විසඳීම සඳහා චීනයේ අරමුණ, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්ම සහ ජාත්‍යන්තර නීතිය හා ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ආරක්ෂා කිරීම, සාම සාකච්ඡා සක්‍රීයව ප්‍රවර්ධනය කිරීම, සියලු පාර්ශ්වයන්ගේ නීත්‍යනුකූල අවශ්‍යතාවලට තිරසර විසඳුම් සෙවීම සහ, සැබෑ බහුපාර්ශ්වවාදය පිළිපැදීම බව වං යී මහතා එහිදී පැවසීය.

ඔහු සඳහන් කළ පරිදි, රුසියා-යුක්රේන සටන් විරාමයක් හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට චීනය බලා‍පොරොත්තු වෙයි. පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන්, පලස්තීනය එක්සත් ජාතීන්ගේ නිල සාමාජිකයෙකු බවට පත්වීම පිළිබඳව හැකි ඉක්මනින් සාකච්ඡා කොට පිළිගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට චීනය සහාය දෙයි. එසේම පලස්තීන  රාජ්‍ය සාක්ෂාත් කර ගැනීමට එහි ජනතාවට චීනය සහාය දක්වයි.

මොස්කව් හි ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් රුසියාවට යළි සංවේගය හා සහයෝගය පළ  කරන බව ද වං යී මහතා එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම