චීනය සමග ආර්ථික සබඳතාවයේදී ඇමරිකාවේ වගකීම් කෙබඳු ද?
2024-04-09 14:35:51
Share with:

ඇමරිකාව හා චීනය වගකීමෙන් ද්විපාර්ශ්වීය ආර්ථික සම්බන්ධතාවය පාලනය කළ යුතු බවත් චීනය සමග සම්බන්ධකම් අත් හැරීමට තම රට උත්සාහ නොකරන බවත් ඇමරිකා භාණ්ඩාගාර ලේකම් Janet Yellen මහත්මිය මේ දිනවල චීනයේ සිදු කරන තම සංචාරය අතරතුර ප්‍රකාශ කර ඇත.

ඉදින්, වගකීමෙන් යුක්තව පාලනය කිරීම, කෙසේ ද යන්න පිළිබඳව විග්‍රහ කළ යුතුව තිබේ.

ප්‍රථමයෙන්ම, ආර්ථික වෙළඳ ගැටළු දේශපාලනීකරණය කිරීමට උත්සාහ නොකළ යුතුය. පෙන්ටගනය හෙවත් ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව චීන නිෂ්පාදිත බැටරි ආනයනය තහනම් කිරීම, එරට ටික්ටොක් සමාජ මාධ්‍යයට පහර දීම යනාදී ජාතික ආරක්ෂාවේ නාමයෙන් චීන සංවර්ධනයට කෙරෙන බාධා කිරීම්හි නිදසුන්වල නිමක් නොමැත. ජාතික ආරක්ෂාව අයුතු ලෙස යොදා ගෙන චීනය මර්දනය කිරීමේ සිය සුපුරුදු උපාය වෙනස් නොකළහොත්, චීන ඇමරිකා සම්බන්ධතාවය විධිමත් මාර්ගයට එක්වීම අසීරු වනු ඇතැයි ඇමරිකාවට පැහැදිලි විය යුතු කරුණකි.

මේ මත පදනම්ව, දෙරටේ ආර්ථික හා වෙළඳ සහයෝගතා, ආර්ථික න්‍යායයන් හා වෙළඳපොලේ රෙගුලාසීන්ට අනුකූලව පැවැත්විය යුතුය. චීන ඇමරිකා ආර්ථික කාරක කණ්ඩායමේ රාමුව තුළ දෙරටේ හා ගෝලීය ආර්ථික සමබර වර්ධනය පිළිබඳව අදහස් හුවමාරු පැවැත්වීමටත් මුල්‍ය සේවා කාරක කණ්ඩායමේ රාමුව තුළ මුල්‍ය ස්ථාවරත්වය, අඛණ්ඩ මුල්‍ය සේවාව, කළු මුදල් ජාවාරමට විරුද්ධවීම යනාදිය පිළිබඳ සංවාද පැවැත්වීමටත් මෙවර ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරියගේ චීන සංචාරය තුළදී දෙපාර්ශ්වය එකඟවී තිබිණ. එවන් එකඟතාවන්, වෙළඳපොලේ පවතින අවිශ්වාසය සමනය කර වෙළඳපොලේ නිශ්චිතතාව ඉහල නංවාලීමට හිතකර ය. චීනය හා ඇමරිකාව යන දැවැන්ත ආර්ථික ඒකක දෙක විසින් එය සිය වගකීම් ලෙස සැලකිය යුතු වන්නේ ඒ හේතුවෙනි.

Janet Yellen මහත්මියගේ සංචාරය තුළදී චීන නව බලශක්ති කර්මාන්තයේ ඊනියා ‘නිෂ්පාදන ධාරිතා අතිරික්තය’ යන ප්‍රශ්නය ඉදිරිපත් කළාය. සැබවින්ම ඇමරිකාව එවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ චීනයට ඇමරිකාවට වඩාත් ගුණාත්මක නව බලශක්තිය සැපයීමට හැකි වීම සහ ගෝලීය පිළිගැනීමට ලක් ව තිබීම නිසාවෙනි. එය ‘මේවා විකිණිය හැක්කේ තමන්ටම පමණයි’ යන ආධිපත්‍ය මානසිකත්වයේ පිළිබිඹුවක් පමණි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම