ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයේ වගකීම ඇමරිකාව භාර ගත යුතු බව ඉරානය පවසයි
2024-04-09 10:48:12
Share with:

ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයේ වගකීම ඇමරිකාව භාර ගත යුතු බව, ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian මහතා පවසයි. ඊයේ(8) සිරියාවේ දමස්කස් අගනුවර දී, එරට විදේශ ඇමති Faisal Mekdad මහතා සමඟ සාකච්ඡා කිරීමෙන් පසු පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව පැවසීය.

ඊශ්‍රායලය "ඇමරිකානු යුද ගුවන් යානා සහ මිසයිලවලින්", සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ප්‍රහාර එල්ල කළ බව, Hossein Amir-Abdollahian මහතා සඳහන් කළේ ය. ඊශ්‍රායල ප්‍රහාරය හෙළා දැකීම ඇමරිකාව ප්‍රතික්ෂේප කිරීමෙන් පෙන්නුම් කරන්නේ, "මෙම අපරාධය කිරීමට වොෂින්ටනය ඊශ්‍රායලයට කොළ එළියක්  දුන්" බවයි. "මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට" ඇමරිකාවේ සම්බන්ධයක් ඇති බැවින්, එහි වගකීම ඔවුන් භාර ගත යුතු බව, ඔහු එහිදී කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම