අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධාන කෙරෙන ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක්
2024-04-09 15:48:59
Share with:

අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධාන කෙරෙන ක්‍රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ අදාළ කාලය තුළ සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා එම මාර්ගෝපදේශ මාලාව නිකුත් කරන බවයි.

මේ අතර ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පැවසුවේ ඇතැම් ක්‍රීඩා සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කිරීම ඇතුළු මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර ඇති බවයි.

එමෙන්ම ධාවන තරග, මැරතන් තරග ඇතුළු අවුරුදු ක්‍රීඩා සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත් වීම සඳහා සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම