මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය රටට හිතකර ලෙස සකස්විය යුතු බව ජනාධිපතිවරයා පවසයි
2024-04-08 15:02:35
Share with:

මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පක්ෂවල වුවමනාවන්ට අනුව රටේ ආර්ථිකය සකස් කිරීමට ගොස් විශාල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවූ බවයි.

යළි එසේ නොවීමට නම් සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදිය යුතු බව ද අනුරාධපුර දිස්ත්‍රික් නීතිවේදීන් සමග පැවති සාකච්ඡාවක දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

මේ අතර ආර්ථිකය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නව නීති මැයි මාසයේ දී ගෙනඑන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම