චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකාව තායිලන්තයේ සිරින්දෝන් කුමරිය හමුවෙයි
2024-04-08 10:21:35
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික Shen Yiqin මහත්මිය ඊයේ(07) බෙයිජිංහි දී තායිලන්තයේ මහා චක්‍රී සිරින්දෝන් කුමරිය හමු විය. තායිලන්ත කුමරිය චීනයට සාදරයෙන් පිළිගත් Shen Yiqin මහත්මිය තායිලන්තයේ මහා වජිරලොංකෝන් රජුට චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පිරිනමන ලෙස ඉල්ලා සිටියාය.

දෙරටේ ජනතාව අතර සම්බන්ධතා සහ දෙරටේ මිත්‍රත්වය වැඩි දියුණු කිරීමට සිරින්දෝන් කුමරිය ලබා දෙන වැදගත් දායකත්වය Shen Yiqin මහත්මිය අගය කළාය. එමෙන්ම දෙරට අතර පවතින සම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙනයමින්, හවුල් අනාගතයක් සහිත චීන-තායිලන්ත ප්‍රජාවක් ගොඩනැගීමට අපේක්ෂා කරන බව චීන රාජ්‍ය මණ්ඩල සාමාජිකාව එහිදී ප්‍රකාශ කළාය 

චීනයට පැමිණි සෑම අවස්ථාවකම චීන ජනතාව ලබා දෙන උණුසුම් පිළිගැනීම සහ මිත්‍රත්වය අගය කරන බවත්, දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල සම්බන්ධතා සහ සහයෝගීතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා පළ කළ ඇය දෙරටේ මිත්‍රත්වය සදාකල් පවතිනු ඇති බව ද ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම