චීන ජනපති හා වියට්නාම ජාතික සභාවේ සභාපති අතර හමුවක්
2024-04-08 15:37:52
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා වියට්නාම ජාතික  සභාවේ සභාපති Vương Đình Huệ මහතා හමු වෙයි. හමුව අද(08) බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.

වියට්නාමය සමග කොමියුනිස්ට් පක්ෂ හා රාජ්‍ය පාලන පිළිබඳ අත්දැකීම් හුවමාරුව තහවුරු කිරීමටත් ද්විපාර්ශ්වික සහයෝගිතා මාර්ගෝපදේශ කමිටුවේ සම්බන්ධීකරණ කාර්යභාරය ප්‍රශස්ත අයුරින් ඉටු කිරීමටත් චීනය කැමති බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය.‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම හා දෙරට ආවරණය කෙරෙන ‘ ආර්ථික කොරිඩෝ දෙක හා ආර්ථික කවය ’ සම්බන්ධ වීම තවදුරටත් සහතික කෙරෙන අතර,  යොවුන් හා මිත්‍ර නගර අතර හුවමාරු පුළුල් කෙරෙනු ඇත. එසේ ම, දෙරට ව්‍යවස්ථාදායක ආයතනයවල විවිධ මට්ටමේ සහයෝගිතා, නීතිමය අධීක්ෂණ අත්දැකීම් අන්‍යෝන්‍ය අධ්‍යයන තහවුරු කරමින් දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට හැකි වනු ඇති බවට ද ෂී ජින්පි මහතා එහිදී අපේක්ෂා පළ කළේය.

චීනය හිමි කර ගෙන ඇති ප්‍රගතීන් වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ ඉහළ පැසසුමට ලක් වන බව Vương Đình Huệ මහතා පැවසීය. එකම චීනය යන ප්‍රතිපත්තියට වියට්නාමය තරයේ ම සහාය දක්වයි. තායිවාන ප්‍රදේශය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසක් ලෙසට සලකන තම රට කවරාකාරයේ හෝ ‘තායිවාන ස්වාධීනත්වය’ට විරුද්ධය. චීනය සමග විවිධ මට්ටමේ හුවමාරු වියට්නාමය තහවුරු කරයි. චීන‍ ජාතික මහජන කොංග්‍රසය සමග සමීප සම්බන්ධතා ඉදිරියට ගෙන යාමට වියට්නාම ජාතික සභාවට සූදානම් බවත් ජනතාව අතර මිතුදම් සහතික කරන බවත් හෙතෙම කියා සිටියේය.


ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම