චීනයේ නිෂ්පාදිත විදුලි වාහන පිළිබඳ ඇමරිකානු විමර්ශනය සම්බන්ධයෙන් චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර
2024-04-08 19:57:54
Share with:

චීනයේ නිෂ්පාදිත විදුලි වාහන පිළිබඳ ඇමරිකානු විමර්ශනය සම්බන්ධයෙන් චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන චීනයේ නිෂ්පාදිත විදුලි වාහන සම්බන්ධයෙන් විමර්ශනය කරන බව ඇමරිකානු රජය පසුගියදා ප්‍රකාශ කළේය.

ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරියෙක් පැවසුවේ, ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව ඇතැම් රටවල් චීනයේ විදුලි වාහන වෙළඳාම කෙරෙහි සීමාවන් පැනවීම, ජාත්‍යන්තර වෙළඳ සංවිධානයේ අදාළ ජාත්‍යන්තර වෙළඳ රෙගුලාසිවලට අනුකූල නොවන බවයි. එය ගෝලීය මෝටර් රථ කර්මාන්ත දාම හා සැපයුම් දාම බරපතල ලෙස කඩාකප්පල් කර ගෝලීය පාරිභෝගික අවශ්‍යතාවලට හානි සිදුකරන ක්‍රියාවකි.

හරිත හා අඩු කාබන් ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ රටවල අනිවාර්ය තේරීම නව බලශක්ති වාහන සංවර්ධනය කිරීමය. විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනවල ප්‍රතිඵල ලොව පුරා සිටින ජනතාවට  මනා ලෙස ප්‍රයෝජනය‍ට ගත හැකි වන පරිදි නව බලශක්ති වාහන ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ විවෘතභාවය හා සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරන බවද චීන කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම