චීන ආර්ථිකය 5.3%ක් දක්වා වර්ධනය වනු ඇතැයි පුරෝකථනයක්
2024-04-08 11:31:41
Share with:

මේ වසරේ චීන ආර්ථික වර්ධනය 2023 වසරේ පැවති 5.2% ක අගයේ සිට 5.3% ක් දක්වා ඉහළ යනු ඇති බවට පුරෝකථනය කෙරේ.

‘ආසියාන් සංගමය, චීනය, ජපානය හා දකුණු කොරියාව අතර කලාපීය ආර්ථික අපේක්ෂා - 2024’  නමැති වාර්තාවේ මේ බව දැක්වේ.  ආසියාන් සංගමය, චීන, ජපාන හා දකුණු කොරියානු සාර්ව ආර්ථිකය පිළිබඳ පර්යේෂණ කාර්යාලය විසින් එය අද (8) නිකුත් කරනු ලැබීය. එම වාර්තාවට අනුව ආසියාන් සංගමය, චීනය, ජපානය හා දකුණු කොරියාව අතර කලාපීය ආර්ථික වර්ධනය ද 2024 වසරේ 4.5% ක් දක්වා ඉහළ යනු ඇත. එය පසුගිය වසරේ 4.3% ක් ව පැවතිණ.

මධ්‍යකාලීන හා දිගුකාලීන වශයෙන් විමසා බැලීමේ දී, එම කලාපයේ ආර්ථිකය ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගය බවට පත්වනු ඇතැයි ද එම වාර්තාව පෙන්වා දී තිබේ. 2024 - 2030 දක්වා කාලය තුළ එම කලාපයේ රටවල සාමාන්‍ය ආර්ථික වර්ධන අනුපාතය 4.4% කි. එය ගෝලීය ආර්ථික වර්ධන අනුපාතය ද ඉක්මවා ඇත.

එසේම, 2023 වසරේ චීන ආර්ථිකය බොහෝ අභියෝගවලට මුහුණ පා තිබියදීත්, 5.2% ක් දක්වා වර්ධනය වී තිබේ. 2024 වසරේ එය 5.3% ක් ලෙස සටහන් වනු ඇත. රැකියා වෙළඳපොළ අඛණ්ඩව වැඩිදියුණු වීමත් සමග දේශීය පරිභෝජනය චීන ආර්ථික වර්ධනයේ ප්‍රධාන බලවේගය ලෙස තවදුරටත් පවතිනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම