අනතුරුදායී මිරිඟුවක් පසුපස හඹා යන පිලිපීනය
2024-04-08 15:51:53
Share with:

ඊයේ (7) ඇමරිකාව, ජපානය හා ඔස්ට්‍රේලියාව සමග එක්ව පිලිපීනය ප්‍රථම වරට දකුණු චීන මුහුදේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීය. එම රටවල් හතර එසේ හමුදා බලය ප්‍රදර්ශනය කළේ චීනය මැඩපැවැත්වීමේ අරමුණින් බව පිලිපීන මාධ්‍ය සෘජුවම පවසා ඇත. පසුගිය වසරේ සිට මේ දක්වා පිලිපීනය දකුණු චීන මුහුදු ප්‍රදේශයේ නිරන්තරයෙන් ආරාවුල් ඇති කර තිබේ. එමගින් චීනයට හිරිහැර කරමින් දකුණු චීන මුහුද ගැටුම්කාරී ප්‍රදේශයක් බවට පත් කිරීම පිලිපීනයේ අරමුණ වී ඇත.

 කලාපීය සාමය රැක ගැනීමට කැමති බව බොහෝ වර ප්‍රකාශ කළ ද කලාපීය වශයෙන් ගැටුම් ඇවිස්සීමට පිලිපීනය නොගත් උත්සාහයක් නැත. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පිටුපසින් සිටිමින් පිලිපීනය එම කලාපීය ගැටුම් ඇති කිරීමට පෙළඹීම ඊට ප්‍රධාන හේතුවකි. හමුදා හා ආරක්ෂක ක්ෂේත්‍රවල පිලිපීනය එම බටහිර රටවල් මත යැපීම නොරහසකි. ආධාර උපකාර සපයා දීම, ඒකාබද්ධ යුද අභ්‍යාස හා ඒකාබද්ධ හමුදා මුර සංචාර මගින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් නිරායාසයෙන් පිලිපීනය සියතට ගෙන ඇත.

 පිලිපීනය චීනය සමග සතුරුකම් ඇතිකරගෙන සිටිය ද අග්නිදිග රටවල් චීනයට තව තවත් සමීප වී සිටී. මෑතක සිට ඉන්දුනීසියාව, ලාඕසය, වියට්නාමය හා තායිලන්තය ඇතුළු අග්නිදිග රටවල රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූවරුන් චීනයේ සංචාරය කිරීම එහි මනා පිළිබිඹුවකි.සිංගප්පූරුවේ Yusof Issa අග්නිදිග ආසියා රටවල් පිළිබඳ පර්යේෂණ ආයතනය ඉකුත් 2වැනි දා පර්යේෂණ වාර්තාවක් නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව අග්නිදිග ආසියා රටවල් චීනය සමග පවත්නා සම්බන්ධතා තව තවත් සමීප වන බව පර්යේෂණයට එක්වූ බහුතර පිරිස අදහස් දක්වා ඇත. එමෙන් ම ඔවුන් කියා සිටින්නේ උපාය මාර්ගික හවුල්කරුවෙකු හා කලාපීය ආරක්ෂකයෙකු වශයෙන් ඇමරිකාව සතුව ඇති කාර්යභාරය වඩාත් පහළ ගොස් ඇති බවයි.

 පිලිපීනය අග්නිදිග ආසියා රටකි. දකුණු චීන මුහුදේ හිතාමතා ආරාවුල් ඇති කිරීම වෙනුවට සෙසු අග්නිදිග රටවල් මෙන් චීනය සමග සුහද සහයෝගිතා පැවැත්වීම, පිලිපීනයට නම් වඩාත් බුද්ධිමත් තේරීමක් නොවේ ද ..?

 

 

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම