චීනය සහ අග්නිදිග ආසියානු රටවල් පොදු ඉරණමක් සහිත හවුල්කරුවන් වන බව චීනය කියයි
2024-04-08 19:50:03
Share with:

චීනය සහ අග්නිදිග ආසියානු රටවල් පොදු ඉරණමක් සහිත හවුල්කරුවන් වන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

මෑත දිනවල අග්නිදිග ආසියානු රටවල නායකයින් සහ විදේශ අමාත්‍යවරුන් රැසක් පිළිවෙලින් චීනයට පැමිණ සංචාරය කර ඇති අතර, ඉන් පෙන්නුම් කෙරෙන්නේ අදාළ රටවල් චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීම ඉතා වැදගත් කොට සැලකීම බව Mao Ning මහත්මිය එහිදී ප්‍රකාශ කර ඇත.

චීනය සහ අග්නිදිග ආසියානු රටවල් පොදු ඉරණමක් සහිත මිත්‍ර අසල්වැසියන් හා මිත්‍ර හවුල්කරුවන් යැයි ද ඇය සඳහන් කළාය.

සාමකාමී සහජීවනය පිළිබඳ පංච ශීලය ප්‍රකාශයට පත් කර මෙම වසරට වසර 70ක් සපිරේ. අසල්වැසි රටවල් සමඟ එක්ව එම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යමින් අවශ්‍යතා ඒකාබද්ධ කර සාමකාමී, සමෘද්ධිමත් සහ සුන්දර ආසියානු නිවහනක් ගොඩනැගීම සඳහා කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Mao Ning මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම