අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින්
2024-04-08 14:57:51
Share with:

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත දැනුම් දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වලට මාස දෙකක් සඳහා එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා දීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

අදාළ කැබිනට් අනුමැතියට අනුව කඩිනමින් තෝරාගත් ප්‍රතිලාභී පවුල් සඳහා සහල් මලු බෙදාදීමේ කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය විසින්  දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම