සංචාරකයින් ගෙන් ඉහළ විදේශ විනිමය ආදායමක්
2024-04-08 14:59:45
Share with:

මේ වසරේ පළමු මාස 03තුළ සංචාරකයින් 635,784 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එමඟින් උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,025ක් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින්ගේ සංඛ්‍යාව මෙම වසරේ දී වාර්තා වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

මේ වනවිට වසරක දී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ 2018 වසරේ දී වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 23ක් බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසා ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම