චීන ජනාධිපති හා ප්‍රංශයේ Merieux පදනමේ සභාපති අතර හමුවක්
2024-04-08 15:54:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ප්‍රංශයේ Merieux පදනමේ සභාපති Alain Merieux මහතා සහ එම මහත්මිය හමුවෙයි. එම හමුව බෙයිජිං හි මහජන මහා ශාලාවේදී අද (8) පැවැත්විණ.

චීන-ප්‍රංශ සබඳතා සහ චීනයේ සෞඛ්‍ය සේවා ව්‍යාපාර දියුණු කිරීම සඳහා ඔවුන් දක්වන දිගුකාලීන සැලකිල්ල සහ සහයෝගය සඳහා Merieux යුවළ සහ Merieux පදනම වෙත ෂී ජින් පිං මහතා සිය කෘතඥතාව පළ කළේය. චීනය සහ ප්‍රංශය අතර මිත්‍රත්වය චීනය අගය කරන බවත් ප්‍රංශය සමඟ ඉහළ මට්ටමේ හුවමාරු සහ සහයෝගීතාව තීව්‍ර කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. Merieux පදනම චීනය සමඟ සම්බන්ධතා තවදුරටත් පුළුල් කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

චීනය සමඟ සබඳතා සහ මිත්‍රත්වය වසර 46 කට පෙර ආරම්භ වූ බව Alain Merieux මහතා පැවසීය. වසර ගණනාවක් පුරා චීනයේ සංවර්ධනය සහ ප්‍රගතිය පිළිබඳව තමා සැමවිටම අවධානය යොමු කළ බවත් එය අගය කරන බවත් ඔහු පැවසීය. Merieux පදනම ප්‍රංශ-චීන මිත්‍රත්වය සහ සෞඛ්‍ය අංශයේ සහයෝගීතාව සක්‍රිය ව ප්‍රවර්ධනය කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240430අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම