ඉක්වදෝරය සහ මෙක්සිකෝව අතර ආරවුල් සංවාද ඔස්සේ විසඳා ගන්නා ලෙස Caribbean ප්‍රජාවගෙන් ඉල්ලීමක්
2024-04-08 10:50:28
Share with:

Caribbean ප්‍රජාව ඊයේ (7) නිවේදනයක් නිකුත් කරමින්, සාමාජික රටවල් වියානා රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්මුතියට අනුකූල වීමේ වැදගත්කම යළිත් තහවුරු කළේ ය. මෙම සම්මුතිය ඔස්සේ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සහ කොන්සියුලර් නියෝජිතායතනවල නොබිඳිය හැකි බව සහතික කරයි. කලාපීය සාමය සහතික කිරීම සඳහා, ඉක්වදෝරය සහ මෙක්සිකෝව අතර සංවාදය හා අදාළ බහුපාර්ශ්වික ක්‍රියාවලීන්ට යළි එක් වීමෙන්, දෙරට අතර පවතින ආරවුල් විසඳා ගනු ඇතැයි Caribbean ප්‍රජාව බලාපොරොත්තු වන බව ද එහිදී ප්‍රකාශ කළේ ය.

ඉක්වදෝර පොලිසිය මෑතකදී ඉක්වදෝරයේ මෙක්සිකානු තානාපති කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී, එහි සරණාගතභාවය වෙනුවෙන් සිටි ඉක්වදෝරයේ හිටපු උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් මෙක්සිකෝ විදේශ අමාත්‍යංශය පසුගිය 5වැනිදා ප්‍රකාශ කළේ, ඉක්වදෝර පාර්ශ්වයේ මෙම ක්‍රියාව ජාත්‍යන්තර නීතිය සහ මෙක්සිකෝවේ ස්වෛරීත්වය දැඩි ලෙස උල්ලංඝණය කිරීමක් බවයි. එමෙන්ම මෙක්සිකෝව ඉක්වදෝර රජය සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවන බව ද ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම