කණ්ඩායම් ගැටුම්වලට විරුද්ධ බව චීනය කියයි
2024-04-08 18:01:36
Share with:

“කුඩා කවයන්”ගොඩ නැගීමට සහ කලාපීය කණ්ඩායම් ගැටුම්වලට විරුද්ධ බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

ත්‍රෛපාර්ශ්වික සමුළුවක් සඳහා ජපානයේ සහ පිලිපීනයේ නායකයින් මේ සතියේ ඇමරිකාවට යන අතර එහිදී ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට ඔවුහූ අපේක්ෂා කරති. මේ සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය කුමක්දැයි නිත්‍ය මාධ්‍ය හමුවේ දී වාර්තාකරුවෙක් විමසා සිටියේය.

ඕනෑම රටක් ඕනෑම සහයෝගීතාවයක් ක්‍රියාත්මක කිරීමේ දී කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට හිතකර විය යුතු බව Mao Ning මහත්මිය පැවසුවාය. අනෙකුත් පාර්ශ්ව බැහැර කරන “කුඩා කවයන්” ගොඩ නැගීමට සහ කලාපයේ කණ්ඩායම් ගැටුම්වලට චීනය විරුද්ධ වන බව ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම