යක්ෂයාගේ වල්ගා තරුව හෙට(8) දිස් වෙයි
2024-04-07 18:27:33
Share with:

“යක්ෂයාගේ වල්ගා තරුව” හෙවත් 12P/පොන්ස්-බෲක්ස් යනුවෙන් හඳුන්වන වල්ගා තරුව වසර 71කට පසුව දැක බලාගැනීමේ අවස්ථාව ලබන අප්‍රේල් 8 වැනිදා ශ්‍රී ලාංකිකයන්ට උදාවන බව තාරකා විද්‍යාඥයින් පවසයි.

වසර 71කට වරක් නිරීක්ෂණය කළ හැකි “යක්ෂයාගේ වල්ගා තරුව” හෙවත් 12P/Pons-Brooks (පොන්ස්-බෲක්ස්) යනුවෙන් හඳුන්වන මෙම වල්ගා තරුව වර්ෂ 1300 ගණන්වල චීන තාරකා විද්‍යාඥයින් විසින් ප්‍රථම වරට නිරීක්ෂණය කරනු ලැබ තිබේ.

සැතපුම් 18.6ක් පළල “යක්ෂයාගේ වල්ගා තරුව” අප්‍රේල් 21 වනදා සූර්යයාට සමීපතම ප්‍රවේශයට ලඟාවීම සිදුවනු ලබයි.

එමගින් අදහස්වන්නේ එළඹෙන සතියේ සිට එය නිවැරදි තත්ත්වයන් යටතේ පියවි ඇසට දැකිය හැකි අවස්ථාව උදාවන බවය.

එමෙන්ම අප්‍රේල් 8 වෙනිදා සිදුවීමට නියමිත සූර්යග්‍රහණය සම්පූර්ණ අවධියට හෙවත් පූර්ණ සූර්යග්‍රහණය අතරතුර අහස කළු පැහැයට හැරෙන අවස්ථාවේ තරු කිහිපයක්, ග්‍රහලෝක හයක් සහ මෙම විශේෂ ආගන්තුකයා වන “යක්ෂයාගේ වල්ගා තරුව” දෘශ්‍යමාන වීමටද නියමිතය.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම