විදෙස් සහ රන් සංචිතය පිළිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්
2024-04-07 18:25:20
Share with:

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය තුළ දී 9.5% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව 2024 පෙබරවාරි මාසය අවසානයේ දී ඇමරිකානු ඩොලර් බිලියන 4.52 ක්ව පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 මාර්තු මාසය අවසානය වන විට ඩොලර් බිලියන 4.95 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 9.6% කින් මාර්තු මාසය තුළ දී ඉහළ ගොස් තිබේ.

මේ අතර 2024 මාර්තු මාසය තුළ දී මහ බැංකුව සතු රන් සංචිතය ද ඩොලර් මිලියන 31 සිට ඩොලර් මිලියන 34 ක් දක්වා 9.1% කින් ඉහළ ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම