ගාසා තීරයේ මානුෂීය තත්ත්වය කෙරෙහි අවධානය යොමු කරන ලෙසට ජගත් සංවිධානවලින් ඉල්ලීම්
2024-04-07 11:48:13
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සංවිධාන රැසක් ගාසා තීරයේ මානුෂීය තත්ත්වය වෙත අවධානය යොමු කරන ලෙස ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි. මෙවර පලස්තීන-ඊශ්‍රායල ගැටුම් උග්‍ර‍වී මාස 6ක් ගතවී ඇති අතර එම සංවිධානවල ප්‍රධානීහූ ඊයේ(06) සමාජ මාධ්‍යයන්හි නිවේදනය නිකුත් කරමින් එම ප්‍රදේශයේ සටන් විරාමය වහාම ක්‍රියාවට නංවන ලෙසට ඉල්ලීමක් කළහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂවාදී කටයුතු පිළිබඳ උප මහලේකම්වරයා ලිපියක් නිකුත් කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ සිදු කර ඇති යුදමය ක්‍රියාවන් මනුෂ්‍යත්වයට එරෙහිවීමක් ලෙසට දක්වමින් විවේචනය කළේය. ඊශ්‍රායලයේ එවැනි ක්‍රියාවන්ට එරෙහිව නීතිමය දඬුවම් පමුණුවන ලෙස ඔහු ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් ද කළේය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂවරිය ඊයේ සමාජ මාධ්‍යයේ සඳහන් කළේ ගාසා තීරයේ විශානකාරී තත්ත්වය හා වේගය සම්බන්ධයෙන් කම්පාවට පත් වූ බවත් සටන් විරාමය වහාම ක්‍රියාවට නැං‍විය යුතු බවත් ය.

එසේම, වහාම ක්‍රියා කර ගාසා තීරයේ ඉතිරි වෛද්‍ය ආයතන ආරක්ෂ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතා පැවසීය. එහි වෛද්‍ය මණ්ඩලය හා මානුෂීය සහන සපයන්නන් සුරකින ලෙසත් භාණ්ඩ සැපයුම් උතුරු ගාසා තීරයට ප්‍රවේශ වීම සඳහා වඩාත් වැඩි ගොඩබිම් වරායන් විවෘත කරන ලෙසත් හෙතෙම ඉල්ලීමක් කර තිබේ.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම