චීන අගමැති හා ඇමරිකා භාණ්ඩාගාර ලේකම් අතර හමුවක්
2024-04-07 18:35:33
Share with:

චීන අගමැති ලී ච්‍යං මහතා ඇමරිකානු  භාණ්ඩාගාර ලේකම් Janet Yellen මහත්මිය හමු වේ.

එම හමුව අද(7) පෙරවරු බෙයිජිංහි මහජන මහා ශාලාවේ පැවැත්විණ.

නොබෝ කළකට පෙර චීන ඇමරිකා නායක දෙපළ දුරකථන සංවාදයක නිරත වූ අතර සංවාද පුළුල් කරමින් මතභේද පාලනය කර සහයෝගතා හා විධිමත් ද්විපාර්ශ්වීය සම්බන්ධතා ඉදිරියට ගෙන යාමට එකඟ වූ බව චීන අගමැතිවරයා එහිදී පැවසීය. එසේම චීනය හා ඇමරිකාව එකිනෙකාගේ ප්‍රතිවිරෝධියන් ලෙස නොසලකා අන්‍යෝන්‍ය ගරුත්වය, සාමකාමී යහපැවැත්ම හා පොදු ජයග්‍රාහී සහයෝගතා මත එකිනෙකාගේ හවුල්කරුවන් සේ සැලකීම චීනයේ බලාපොරොත්තු වන බව ඔහු කීය.

මතභේද පාලනය කරමින් ඊට විසඳුම් සොයා ගැනීම සඳහා ‍චීනය හා ඇමරිකාව අදහස් හුවමාරු ශක්තිමත් කළ යුතුය. ස්ථාවර, විධිමත් හා ඉහල කාර්යක්ෂමතාවෙන් යුතු චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ සහයෝගතාව දෙරටේ ව්‍යවසායන්ට හා ජනතාවට වැඩි ප්‍රතිලාභ ගෙන දෙමින් ලෝක ආර්ථිකය හා ජන ජීවිතය යහපත් කරලීමටත් දායකත්වයක් ලබා දිය හැකි බව ඔහු පෙන්වා දී තිබේ.

දෙපාර්ශ්වයේ පොදු උත්සාහය යටතේ ඇමරිකා චීන සම්බන්ධතාව වඩාත් ස්ථාවර වූ බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරිය එහිදී කියා සිටියාය. දෙරටේ ආර්ථික සංවාද හා සහයෝගතා ලද ප්‍රගතීන් අගය කරන ඇමරිකාව, චීනය සමග සබඳතා බිඳ දැමීමට අපේක්ෂා නොකරයි. චීනය සමග එක්ව දෙරටේ නායකයින් සැන් ෆ්‍රැන්සිස්කෝ හමුවේ පැමිණි වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීමට උත්සාහ දැරීමට ඇමරිකාව කැමැත්තෙන් සිටියි. අනවබෝධය වැළැක්වීමටත් මතභේද පාලනය කිරීමටත් අවංක ව අදහස් හුවමාරු කර ගනිමින් සහයෝගතා ශක්තිමත් කළ යුතු යැයි ඇය සඳහන් කරයි. හදිසි ගෝලීය අභියෝගයන් හමුවේ ඇමරිකා චීන සම්බන්ධතාවය ස්ථාවරව ඉදිරියට මෙහෙයවිය යුතු බව ද ඇය පෙන්වා දී තිබේ. 

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම