චීන විදේශ ඇමති Guangxi Zhuang ජාතික ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි
2024-04-07 10:59:30
Share with:

දේශසීමා වරායන් සංවර්ධනය ශක්තිමත් කිරීම, Guangxi Zhuang ජාතික ස්වායත්තය ඉහළ මට්ටමින් බාහිර ලෝකයට විවෘත කිරීම ප්‍රවර්ධනය කරමින් චීන-ASEAN සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත් බව චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කාර්යාලයේ අධ්‍යක්ෂ සහ විදේශ ඇමති Wang Yi මහතා අවධාරණය කරයි. හෙතෙම මේ බව පැවසුවේ පසුගිය 5වැනිදා Guangxi Zhuang ජාතික ස්වායත්තයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

එහිදී Youyiguan ස්වයංක්‍රීය වරාය ඉදිකිරීම් ව්‍යාපෘතිය, චීන- ASEAN කාර්මික සහයෝගිතා කලාපයේ Chongzuo ප්‍රදේශය, Pingxiang දුම්රිය වරාය යන ප්‍රදේශවල නිරීක්ෂණයට  Wang Yi මහතා එක් වී ඇත. එමෙන්ම ඔහු Guangxi හි අදාළ දෙපාර්තමේන්තු, බිම් මට්ටමේ ඒකක සහ ඉදිරි පෙළ කාර්යමණ්ඩලයේ අදහස් සහ යෝජනාවලට සවන් දීමේ සම්මන්ත්‍රණයකට  ද සහභාගී විය. 

Guangxi යනු චීනයේ නිරිතදිග මායිමේ ප්‍රධාන ස්වායත්තයක් වන බවත් චීනය හා ASEAN අතර හුවමාරු සහ සහයෝගීතාව සඳහා වැදගත් දායකත්වයක් ලබා දෙන ප්‍රදේශයක් බවත් Wang Yi මහතා එහිදී පැවසීය. චීනය ආසියන් සංගම් රටවල් සමඟ සම්බන්ධ කිරීම සඳහා Guangxi වැදගත් කාර්යභාරයක් ඉටු කොට තිබේ. Guangxi ප්‍රදේශය, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ යෝජනාවට අනුව, පොදු ඉරණම සහිත චීන- ASEAN ප්‍රජාවක් ගොඩනැගීමට සක්‍රීයව සහයෝගයක් ලබා දිය යුතු අතර "එක් තීරයක් එක් මාවතක්" වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීමට ගැඹුරු ලෙස සහභාගි විය යුතු බව Wang Yi මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම