චීනයට පමණක් අනන්‍ය වූ ආර්ථික මොඩලය
2024-04-07 11:21:41
Share with:

චීනයේ ආර්ථික සංවර්ධනයට අවශ්‍ය අඩිතාලම සකස් වූයේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය තුළිනි. විශේෂයෙන්ම පස් අවුරුදු සංවර්ධන සැලසුම් ක්‍රමය ද එයට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇත. කාලයට ගැලපෙන ලෙස සිය ආර්ථික ක්‍රමය වෙනස් කර ගනිමින් අද වනවිට දියුණු වේගවත් ආර්ථිකයක් චීනය හිමි කර ගෙන ඇත. එය චීනයට පමණක් අනන්‍ය වූ ආර්ථික මොඩලයක් බව ස්වාධීන පර්යේෂක සහ ආරාධිත දේශක කසුන් රාමනායක මහතා පවසයි.

වර්තමානයේත් චීනය අඛණ්ඩව ඉහළ වෙළඳ ශේෂයක් පවත්වාගෙන යයි. ආනයනවලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින අපනයන ප්‍රමාණයත්, ඉතුරුම් සංයුතියත් එයට හේතු වී ඇත. එමෙන්ම සිය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවත්, ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව මේ වනවිටත් හඳුනා ගෙන ඇත.

ආර්ථික විවෘතකරණය, විධිමත් ආයෝජන ක්‍රියාවලිය සහ වෙළඳ ප්‍රතිපත්තිය  ශක්තිමත් කිරීම රටක ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වේ. නමුත් එය අඛණ්ඩව සහ උපායමාර්ගිකව හැසිරවීම තරමක් අපහසු කටයුත්තකි. නමුත් චීනය සිය සැලසුම් සහගත වැඩපිළිවෙළ තුළ මෙම ප්‍රධාන පියවරයන් ඔස්සේ ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගනිමින් සිටින බව කසුන් රාමනායක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම