වේගයෙන් වර්ධනය වන ආසියාවේ නිෂ්පාදන කර්මාන්තය
2024-04-07 10:00:20
Share with:

පසුගිය මාර්තු මාසයේ ආසියා කලාපයේ නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 51.6% ක් වූ අතර, එය පෙර මාසයට සාපේක්ෂව 1.3% ක වේගවත් ඉහළ යාමකි.

චීන භාණ්ඩ ප්‍රවාහන සහ ගැනුම් සම්මේලනය ඊයේ (6) නිකුත් කළ දත්තවල මේ බව සඳහන් විය. ඉන් පෙන්නුම් කරන්නේ මෙම වසරේ පළමු මාස දෙකේ ස්ථාවර වර්ධනය මත ආසියාවේ නිෂ්පාදන කර්මාන්තයේ වර්ධන වේගය වේගවත් වී ඇති බවයි.

ප්‍රධාන රටවල් දෙස අවධානය යොමු කරන විට චීනයේ නිෂ්පාදන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 50.8% දක්වා ඉහළ ගියේය. ඉන්දියාවේ දර්ශකය ද 59% ට වඩා ඉහළ ගියේය. ප්‍රධාන ආසියන් සංගම් රටවල් අතර, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ පිලිපීනයේ දර්ශක ද 50% ට වඩා ඉහළ අගයක පැවතුනි.

ඒ අනුව මෙම දත්තවලින් පෙන්නුම් කරන්නේ ආසියාවේ නිෂ්පාදන වර්ධනය අනෙකුත් කලාපවලට වඩා වේගවත්ව පවතින බවයි. චීනය, ඉන්දියාව සහ ප්‍රධාන ආසියන් සංගම් රටවල් අඛණ්ඩව ආසියාවේ ආර්ථික වර්ධනයට වැදගත් සහ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිටී.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම