පසුගිය වසරේ චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩොලර් ට්‍රිලියන 3.2කට වඩා ඉහළට
2024-04-07 10:18:23
Share with:

චීන ජාතික විදේශ විනිමය පරිපාලනය මෑතකදී "2023 වසරේ චීනයේ ගෙවුම් ශේෂ වාර්තාව" නිකුත් කළේ ය. මෙම වාර්තාවට අනුව, පසුගිය වසර අවසන් වන විට, චීනයේ විදේශ විනිමය සංචිතය ඇ.ඩොලර් ට්‍රිලියන 3.2කට වඩා වැඩි වූ අතර, රටේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂය සාමාන්‍යයෙන් ස්ථාවර මට්ටමක පවතී. චීනයේ විදේශ විනිමය වෙළඳපොළේ ඔරොත්තු දීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, වෙළඳපොල අපේක්ෂාවන් මූලික වශයෙන් ස්ථාවරව පවතී. රටේ විදේශ විනිමය වෙළඳාම තාර්කික සහ නියමිත පටිපාටියේ පවතින බවද සඳහන් වෙයි.

මෙම වසරේ චීනයේ ජාත්‍යන්තර ගෙවුම් ශේෂය මූලික වශයෙන් සමතුලිතව පවතිනු ඇති බව එම වාර්තාවේ දැක්වෙයි. ප්‍රධාන සංවර්ධිත ආර්ථික ඒකකයන් හි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රමයෙන් සකස් කෙරෙන අතර, ගෝලීය ද්‍රවශීලතාව දැඩි කිරීමේ තත්ත්වය ලිහිල් වනු ඇත. එසේම සාර්ව ආර්ථික ප්‍රතිපත්තිවල යහපත් ප්‍රතිඵල අඛණ්ඩව නිකුත් වන බැවින්, චීනයේ ආර්ථිකය අඛණ්ඩව ප්‍රකෘතිමත් වන අතර, ගෙවුම් ශේෂය සඳහා එහි මූලික සහයෝගය තවදුරටත් වැඩිදියුණු වනු ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම