චීනය හා අග්නිදිග ආසියානු රටවල් අතර සබඳතා තර වී ඇතැයි මතවිමසුමක් පෙනවා දෙයි
2024-04-07 15:01:43
Share with:

චීනය සමඟ තම රටවල සබඳතා යහපත් අතට වර්ධනය වෙමින් පවතින බව විමසුමකට අනුව අග්නිදිග ආසියා රටවල ප්‍රතිචාර දැක්වූවන් විශ්වාස කරයි.

සිංගප්පූරුවේ "Lianhe Zaobao" පුවත්පතේ වෙබ් අඩවියේ වාර්තාවකට අනුව, පසුගිය 2වැනිදා නිකුත් කෙරුණු "අග්නිදිග ආසියා තත්ත්ව වාර්තාව: 2024" හි මේ පිළිබඳව පළ වී ඇත.

අදාළ විමසුමට අනුව, චීනය අග්නිදිග ආසියාව කෙරෙහි ආර්ථික හා දේශපාලන ක්ෂේත්‍රයේ ඉතා විශාල බලපෑමක් ඇති රටක් ලෙසට අඛණ්ඩව සැලකෙන බව එම වාර්තාව පෙන්වා දී තිබේ. බොහෝ ප්‍රතිචාර දැක්වූවන් විශ්වාස කරන්නේ අග්නිදිග ආසියානු රටවල් සහ චීනය අතර සබඳතාව වැඩිදියුණු වෙමින් පවතින බවයි. උපායමාර්ගික හවුල්කරුවෙකු ලෙස කලාපීය ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව පිළබඳව තමන්ගේ විශ්වාසය කැපී පෙනෙන ලෙස පහත වැටී ඇතැයි ඔවුන් පවසා ඇත.

ඉදිරි වසර තුන තුළ තම රට සහ චීනය අතර සබඳතා සැලකිය යුතු ලෙස වැඩිදියුණු වනු ඇතැයි අදහස් කරන පුද්ගලයින්ගේ අනුපාතය 2023 දී 38.7% සිට වර්තමානය වන විට 50%කට වඩා වැඩි වී තිබෙන බව එම වාර්තාවෙන් පෙන්නුම් කෙරේ.

මෙම විමසුම සඳහා පුද්ගලයින් 1994 දෙනෙක් සහභාගී වී ඇත. ඔවුන් ආසියාන් සංගම් රටවල ශාස්ත්‍රීය ක්ෂේත්‍රය, බුද්ධි මණ්ඩල, ව්‍යාපාරික ක්ෂේත්‍රය, සිවිල් සමාජ සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය, රාජ්‍ය දෙපාර්තමේන්තු මෙන්ම කලාපීය සහ ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන ලද පිරිසකි.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම