මාර්තු මාසයේ චීන සේවා කර්මාන්තයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් දර්ශකය සියයට 52.4ක්
2024-04-06 16:00:38
Share with:

ගත වූ මාර්තු මාසයේ චීන සේවා කර්මාන්තයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් දර්ශකය සියයට 52.4ක් ව පැවති බව චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සේවා කර්මාන්ත සමීක්ෂණ මධ්‍යස්ථානය සහ චීන භාණ්ඩ ප්‍රවාහන හා මිළදී ගැනීමේ ඒකාබද්ධ සංවිධානයේ දත්ත පෙන්වා දෙයි. එය මාස තුනක් පුරා අඛණ්ඩව ඉහළ ගිය අතර පසුගිය පෙබරවාරි මස හා සැසඳීමේදී සියයට 1.4කින් වර්ධනය වී ඇත. 

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සේවා කර්මාන්ත සමීක්ෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී Zhao Qinghe මහතා පැවසුවේ වෙළඳපොල ඉදිරි දැක්මට අනුව, මාර්තු මාසේදී ව්‍යාපාර ක්‍රියාකාරකම් අපේක්ෂා දර්ශකය සියයට 58.2 ක් වූ බවයි. එය පෙර මාසයට වඩා සියයට 0.1 ක වැඩිවීමක් වන අතර අදාළ දර්ශකයට සාපේක්ෂ ව  ඉහළ සමෘද්ධිමත් තත්ත්වයක අඛණ්ඩව රැදී පවතී. බහුතර සේවා කර්මාන්ත සමාගම් අනාගත වෙළඳපොළ සංවර්ධනය කෙරෙහි ශුභවාදී තත්ත්වයක් ඉන් පෙන්නුම් කරන බවද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම