චීනය හා ඇමරිකාව සමුද්‍රීය යුද ආරක්ෂක සාකච්ඡා යාන්ත්‍රණයේ කාර්ය මණ්ඩල රැස්වීමක් පවත්වයි
2024-04-06 16:14:04
Share with:

චීන-ඇමරිකා දෙරටේ යුද හමුදා 2024 වසරේ සමුද්‍රීය යුද ආරක්ෂක සාකච්ඡා යන්ත්‍රණයේ කාර්ය මණ්ඩල රැස්වීම පසුගිය 3, 4 දෙදින ඇමරිකාවේ Hawaii හිදී පැවැත්විණ. දෙරටේ නායකයන් එළඹුණු වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින් දෙරටේ යුද හමුදා සබඳතාව විධිමත්, ස්ථාවර හා  තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙවර රැස්වීමේ ප්‍රධාන අරමුණයි.

සාධාරණ හා අන්‍යෝන්‍ය ගරු කිරීම මත චීන-ඇමරිකා වත්මන් නාවික හා ගුවන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව දෙපාර්ශ්වය එහිදී අවංක හා  සක්‍රීය අදහස් හුවමාරු කරගත්හ. 

ඊට අමතරව, නෞකා සහ ගුවන් යානාවල ආරක්ෂාව ජාතික ආරක්ෂාවෙන් වෙන් කළ නොහැකි බව චීන පාර්ශ්වය ප්‍රකාශ කළේය. නාවික නිදහස සහ පියාසර කිරීමේ නිදහස නාමයෙන් සිය ස්වාධිපත්‍යයට හා ආරක්ෂාවට තර්ජනය කිරීමේ ඕනෑම උත්සාහයකට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවද එහිදී අවධාරණය කෙරිණ. චීන හමුදාව රටේ භෞමික ස්වෛරීභාවය සහ සමුද්‍රීය අයිතිවාසිකම් මෙන්, කලාපීය සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය දැඩි ලෙස ආරක්ෂා කරන බව චීන පාර්ශ්වය එහිදී ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම