ශ්‍රී ලංකාවේ ණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසයෙන්
2024-04-06 15:15:11
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි සමාලෝචනය සම්පූර්ණ වනවිට වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි "දැඩි විශ්වාසයක්" ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසීය. 

ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකාව මේ වනවිට බැඳුම්කරහිමියන් සමග සාකච්ඡා කරමින් සිටී. එය ආරථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ම පියවරක් ලෙස සැලකේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශිකා ජූලි කොසැක් මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

පසුගිය වසරේ මාර්තු මාසයේදී ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව ට අනුමත කළ අතර එය වසර 4ක වැඩසටහනකි.

ඒ යටතේ වූ දෙවැනි සමාලෝචනයට ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවයකට එළැඹිණ.

නමුත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ යුතුව ඇත.

ගුවන් විදුලිය
20240502බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම