චීන උප අගමැතිවරයා සහ ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම්වරිය අතර සාකච්ඡා
2024-04-06 16:35:43
Share with:

චීන උප අගමැති He Lifeng මහතා සහ ඇමරිකාවේ භාණ්ඩාගාර ලේකම් Janet Yellen මහත්මිය සාකච්ඡා පවත්වති. එම සාකච්ඡා ඊයේ (5) හා අද (6) චීනයේ Guangzhou හිදී පැවැත්විණ.

දෙරටේ නායකයන්ගේ වැදගත් එකඟතා යටතේ, දෙපාර්ශ්වය එහිදී ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වය, දෙරටේ ආර්ථික සබඳතාව සහ ගෝලීය අභියෝග පිළිබඳව ගැඹුරු, අවංක, ප්‍රායෝගික සහ සංවර්ධනාත්මක වශයෙන් අදහස් හුවමාරු කර ගත්හ. චීන-ඇමරිකානු ආර්ථික සහ මූල්‍ය ක්‍රියාකාරී කණ්ඩායමේ රාමුව තුළ, ලෝක ආර්ථිකයේ සමබර වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය, තිරසර මූල්‍ය හා කළු මුදල් ජාවාරමට විරුද්ධවීම ඇතුළු කරුණු සාකච්ඡා කිරීමට ද එකඟ විණ.

මේ අතර, ඇමරිකාව චීනයට පනවා ඇති ආර්ථික සහ වෙළඳ සීමාවන් පිළිබඳ චීනයේ දැඩි කනස්සල්ල එහිදී පළ කෙරිණ. නිෂ්පාදන ධාරිතා ප්‍රශ්නය පිළිබඳව එහිදී චීනයේ පූර්ණ ප්‍රතිචාරයක් දක්වා ඇත. අදාළ කටයුතු සම්බන්ධයෙන් සන්නිවේදනය අඛණ්ඩව පවත්වා ගෙන යාමට දෙපාර්ශ්වයම එහිදී එකඟ වී තිබේ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම