පිලිපීන නෞකා චීනයේ නන්ෂා දූපත් ආශ්‍රිතව ක්‍රියාත්මක වීම පිළිබඳව චීන වෙරළාරක්ෂක බලකායේ ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
2024-04-06 19:36:51
Share with:

පිලිපීන නෞකා චීනයේ හෝ‍ටෙං ගල්පරය ආශ්‍රිත කලාපයේ ක්‍රියාත්මක වීම පිළිබඳව චීන වෙරළ ආරක්ෂක බලකාය ස්ථාවරය පැහැදිලි කරයි.

      අප්‍රේල් 4වනදා පිලිපීන නෞකා රැසක් චීනයේ නන්ෂා සමූහ දූපත්වලට අයත් හෝටෙං ගල්පරය ආශ්‍රිත මුහුදු කලාපයට නීතිවිරෝධීව ප්‍රවේශවී තිබිණ. මේ හේතුවෙන් චීන වෙරළ ආරක්ෂක බලකාය නීත්‍යනුකූලව වෘත්තීමය වශයෙන් ප්‍රතිචාර දැක්වූ බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ගන් යූ මහතා පවසා ඇත.

   හෝටෙං ගල්පරය ඇතුළු නන්ෂා සමූහ දූපත් හා එහි ආශ්‍රිත මුහුදු කලාපය පිළිබඳව චීනයට අවිවාදයෙන් ස්වාධිපත්‍යය හිමි වේ. චීන වෙරළ ආරක්ෂක බලකාය චීන මුහුදු කලාපයේ ස්ථිර ලෙස නීතිය ක්‍රියාත්මක කරමින් රටේ ‍භෞමික අඛණ්ඩතාව හා සාගර අයිතිවාසිකම් ස්ථිරව ආරක්ෂා කරන්නේ යැයි පිලිපීනයට බරපතල ලෙස දැනුවත් කළ බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම