ෂී ජින් පිං ජනපතිවරයාගේ සංකල්පයන් ඩොමිනිකා අගමැතිවරයාගේ පැසසුමට
2024-04-06 17:08:31
Share with:

පසුගිය 23වනදා සිට 29වනදා දක්වා ඩොමිනිකා රාජ්‍යයේ අගමැති Roosevelt Skerrit මහතා චීනයේ නිල සංචාරයක නිරත විය. එම කාලය තුළ ඔහු චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු සමග සම්මුඛ සාකච්ඡාවකට එක් විය. 

චීනය ඩොමිනිකා රාජ්‍යයේ සැබෑ මිත්‍රයෙක් බවත් දෙරට සම්බන්ධතාව හැම විටම යහපත්ව පවතින බවත් ඔහු එහිදී කීය. මෙවර චීන සංචාරය තුළදී ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග හමුවක් පවත්වමින් ද්විපාර්ශ්වීය කරුණු මෙන්ම බහුපාර්ශ්වීය තේමා පිළිබඳවත් සාකච්ඡා කළ බව ඔහු හෙළි කළේය. ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ සංකල්පය සේම ඩොමිනිකා රාජ්‍යයත් බහුපාර්ශ්විකවාදී ව ගෝලීය ප්‍රශ්නවලට විසඳුම් සොයා ගනිමින් ගෝලීය සංවර්ධනය ඉදිරියට ගෙන යාමෙහි නිරත ව සිටී.

ෂී ජින්පිං මහතා සමග හමුව සරු ප්‍රතිඵලයන් ලබා ගෙන ඇතැයි ඩොමිනිකා අගමැතිවරයා පැවසීය. දේශගුණ විපර්යාසයට එක්ව මුහුණ දීම සඳහා  දෙපාර්ශ්වය එකඟතාවන්ට එළඹිණ. එහිදී ස්වභාවික විපත්වලින් මිදීමේ හැකියාව ඉහල නංවාලීම සඳහා තම රටට චීනයේ ශක්තිමත් සහාය හිමි වී තිබේ. එමෙන්ම, ෂී ජින්පිං ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුමට ඉමහත් වැදගත්කමක් හිමි වන බව ඩොමිනිකා අගමැතිවරයාගේ මතය වී තිබේ. එම මුලපිරුම්, ලෝක සාමය හා පොදු සමෘද්ධියට හිතකර වන අතර සෑම රටකටම සමෘද්ධිය ළඟා කර ගැනීමට අවස්ථා සලසා දී තිබේ. එක්තරා රටක් විසින් සියළු සම්පත් අත්පත් කර ගන්නා අතර සෙසු රටවලට කිසිවක් ඉතිරි නොවන ලෝකයක් කෙබඳු වේ ද? ‍මේ හේතුවෙන් චීනය ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර සහයෝගතා රටාව සංවර්ධිත රටවලටත් ආදර්ශයක් බව තම මතය යැයි ඩොමිනිකා අගමැතිවරයා පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ මුලපිරුම් සහ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ද හඳුන්වා දිය යුතු බව ඔහු පෙන්වා දෙයි. ඊට හේතුව එම ව්‍යාපෘති ඩොමිනිකා රාජ්‍යය ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අඛණ්ඩ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට සහාය විය හැකි වීම බව ඔහු අවධාරණය කර ඇත.  

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම