ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට අනුව ගාසා තීරයේ යුධ ප්‍රහාර නවත්වන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලයි
2024-04-06 15:50:17
Share with:

ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවට අනුව ගාසා තීරයේ සිදු කරන යුධ ප්‍රහාර වහාම නවත්වන ලෙස චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි.

ගාසා හි සාමාන්‍ය ජනතාවට දඬුවම් කිරීම ඊශ්‍රායලය නැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ චීන දූත මණ්ඩලයේ භාරකාර ඩයි බිං මහතා ඊයේ (5) පැවසීය. ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කරන ලෙසත් ඔහු බලපෑමක් කළ හැකි අදාළ ප්‍රධාන රටවලින් ඉල්ලා සිටියේය.

මානුෂීය සැපයුම් සහතික කිරීම සඳහා, ජාත්‍යන්තර අධිකරණය නිකුත් කළ අතුරු පියවර නියෝගයට අනුව, ගාසා තීරයේ අවහිර කිරීම් සහ මානුෂීය ප්‍රවේශයට ඇති බාධා ඊශ්‍රායලය වහාම ඉවත් කළ යුතුය.

පලස්තීනය එක්සත් ජාතීන්ගේ නිල සාමාජිකයෙකු බවට පත්වීමට චීනය දැඩි ලෙස සහාය ලබා දෙන අතර ඒ සඳහා ආරක්ෂක මණ්ඩලයේ පියවර ගැනීමට ද චීනයේ සහාය හිමි වනු ඇත. "ද්වි-රාජ්‍ය විසඳුම" සකස් කිරීම සඳහා, වඩා විශාල හා ඵලදායී ජාත්‍යන්තර සාම සමුළුවක් කැඳවන ලෙස චීනය ඉල්ලා සිටින බව ඩයි බිං මහතා කියා සිටියේය.

ගුවන් විදුලිය
20240506සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම